මාපලගම ප්‍රදේශයේ දරුවන් හට අධ්‍යාපනය ලැබීමට පාසලක් නොමැති වීම මහත් අඩුපාඩුවක් ලෙස හදුනාගත් ඇතුමලේ ශාක්‍යසිංහාරාමාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය මාපලගම සිරිසුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත මාපලගම සිරිසාගර නාහිමිපාණන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් 1951 ජූලි මස 01 වන දින මෙම පාසල ආරම්භ කරන ලදි.
සිසුන් 22 කින් පමණ ආරම්භ කල පාසලේ මුල් ගුරුවරයා වූයේ ඇම්.ඇම්. පෑලිස්සිංඤෝ මහතා වේ. ආරම්භයේදී පන්ති පවත්වාගෙන යනු ලැබූවේ පන්සලේ බණ මඩුවේ කොටසක වන අතර 1951 නොවැම්බර් 15 වන දින තාවකාලික ගොඩනැගිල්ලකට පන්ති රැගෙන යන ලදි.ස්ථීර ගොඩනැගිල්ලක පන්ති පවත්වනු ලැබූයේ 1956 මැයි 19 වන දින වේ.
මෙම පාසල ආරම්භ කිරීමට මග පෙන්වූ අපවත් වී වදාල ගරු පූජ්‍ය මාපලගම සිරිසුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිකිරීම සඳහා "සිරිසුනන්ද" යන නාමය විදුහලට ලබා දෙන ලදි.

ඇතුමලේ ශාක්‍යසිංහාරාමාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය මාපලගම සිරිසුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
රාජකීය පණ්ඩිත මාපලගම සිරිසාගර නාහිමිපාණන් වහන්සේ
|
ආරම්භ කළ වර්ෂය |
1951 ජූලි මස 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
22 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඇම්.ඇම්. පෑලිස්සිංඤෝ මහතා |
|
පාසලේ නම |
ගා/ සිරිසුනන්ද ජාතික පාසල |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පන්සලේ බණ මඩුවේ කොටසක |