පාසල් ගීතය.
සැරදේ මෑණී - වැජඹේ මෑණී
වදිනෙමු පායුග - විදුහල් මෑණී.....//
ශිල්ප කලා විදු නැණ පාදා
දැහැමි ඔවාදී හද සාදා
රට දැය වඩනට පෙරමුණ ගන්නට
සිසු දරු දැරියන් තනවාලාසැරදේ මෑණී.....//
හෙළ පරපුර වෙත පිය ඔසවන්නට
විදුවන් පඩුවන් බිහිකරවූ
සිරිසුනන්ද විදුහල් නාමය නිති
දිලේ ලක්ඹර පුන්සද සේ......//
අගයමු මැණී ගුණ සමුදා
වඩමු සත් පිලිවෙත් සැමදා......//
දස්කම් පානෙමු - විස්කම් පානෙමු
සිත් එඩි නංවමු - පෙරමුණ ගන්වමු
රැව් පිලි රැව් දී - නාමය රන්දමු
ලක් දෙරණේ - සිරි ලක් දෙරණේ
සැරදේ මෑණී......//